පසුගිය කොටස් :
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-1.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-2.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-3.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-4.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-5.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-6.html
https://sri-lankan-travelogue.blogspot.com/2016/11/walk-for-sight-7.html
දිනය : 2015, නොවැම්බර් 30.
ගමන් මග : පදියතලාව සිට දඹාන
රෑ තිස්සේ නොකඩවා වැටුන අනෝරා වැස්සයි, චාමර අයියගේ කෙලවරක් නැති ගෙරවිල්ලයි අස්සේ අපි කොහොම හරි අපේ හතරවෙනි රාත්‍රී නාවතන්පොළ වුන පදියතලාවේ පදියදොර පුරාණ විහාරයේ රෑ එළි කරගත්තා. අපි උදේ අහරෙනකොටත් වැස්ස ඉවර නෑ. උදේ නැගිට්ට ගමන් අපිට ගැටළුවක්. වතුර නෑ. අපිට ගමනට සූදානම් වෙන එක දැන් ගැටළුවක්. කොහොම හරි එලිය වටෙනකොට වැස්ස අඩු කරපු නිසා අපි අහල පහළ ගෙවල් දෙකකට ගිහින් ගමනට සූදානම් වුනා.
අපි නවාතැන් ගත්තු පදියදොර පන්සල හරිම ලස්සන තැනක්. බොහොම නිස්කලංක වටපිටාවක් තියෙන තපෝවනයක් වගේ සුන්දර තැනක්. එතන තිබ්බේ පුරාණ බෝධියක්. ඒ පැත්තේ අය එතනට කියන්නේ ශ්‍රී මහා බෝධිය කියල. දැනගත්තු විදියට ඒ බෝධිය ශ්‍රී මහා බෝධියේ දෙතිස් ඵලරුහ බෝධි අංකුර වලින් එකක් ලු.
පදියදොර පුරාණ බෝධිය |
ප්‍රධාන පාරට යන ගමන් |
චාමර අයියා හැමදාම ලොතරැයි ටිකට් ගත්තේ දිනුමක් ඇදුනොත් ඒ මුදල අරමුදලට යොදන්න හිතාගෙන |
පදියතලාව පසුකරමින්... |
පදියතලාවෙනි පිටත් වෙලා අපි ප්‍රධාන පාර දිගේ ඉස්සරහට ඇදුනා. ඒ දවස් වල පාර දෙපැත්තේම කුඹුරු කරන කාලේ. කුඹුරු හාන, වපුරන වගේම ලස්සන පැළ ගොයම තියෙන කුඹුරු යාවල මැද්දෙන් අපි පරිසරයේ ලස්සන වගේම අපේම සහෝදර ගැමි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර අත්විඳිමින් දිගටම ගමනේ යෙදුනා.
කලින් දවසේ ඉතාම අසාධ්‍ය තත්වයෙන් හිටපු අමිල මෙන්න අද ඇවිදිනවා... ඇවිදිනවා කියන්නේ කිසිම අමාරුවක් නැතුව ඇවිදිනවා. මේ ප්‍රාතිහාර්ය මොකක්ද කියල අපිට හිතාගන්න බෑ. කොහොම හරි අමිල අපේ ගිලන් රථයට ගොඩ වුනා කියල ආරංචි උනා. පස්සේ හොයල බැලුවම ගිලන් රථයේ කාර්යමණ්ඩලයේ අපේ නලින්ද ඇතුළු අපේ හමුදා සහෝදරයෝ ටික අමිලට ඇවිදින්න පුළුවන් වෙන විදියට ප්‍රතිකාරයක් කරලා.
අමිල නැවතත් ගමනේ |
කැමී සහ කලීඩ් |
ඔය කන බොන දේවල් සම්බන්ධයෙන් ඉතින් රසකතා ගොඩකුත් තිබුනා. දැන් ඔය අපේ මහීල් අයියා එහෙම එයාගේ තඩි backpack එකත් පිටේ බැඳගෙන අපේ ගමනේ විස්තර පත්‍රිකා මිටියකුයි කැටේකුයි අතින් අරගෙන යනකොට වටපිටාවේ වෙන දේවල් ගැන වැඩි අවධානයක් නෑ. සාමාන්‍යයෙන් අපි යන ගමන් හම්බ වෙන අයට, පාර අයිනේ තියෙන කඩවල ඉන්න පිරිසට එහෙම විස්තර පත්‍රිකා බෙදල අපේ අරමුණු විස්තර කරලා ගියාට පස්සේ මහීල් අයියා නැවත ඒ පිරිසට ඒ විස්තරේම කියන්න පසුබට උනේ නෑ. සමහර වෙලාවට අපි විස්තරේ කියල එතනින් යන්නත් කලින් මහීල් අයියා ඇවිල්ල දෙවෙනි පාරට ඒ අයට විස්තර කරපු වෙලාවලුත් නොතිබ්බාම නෙමෙයි... ඒත් ඉතින් ඔය මොනවා උනත් මහීල් අයියට හොරෙන් අපිට කෑමක් කන්න නම් ඉඩක් නෑ.
උදේ කෑම... |
නිසංසලා නිසංසලේ උදේ කෑම කනවා... |
අක්ෂි රෝග වෙදමහතාගෙන් ආධාරයක්... |
අපේ රොටී බාස් - කැමී... |
රොටී දෙනකන් බලා ඉන්න අසරණ ජනතාව... |
කොහොම හරි බඩ පැලෙන්න රොටී කාපු අපි දම්බානට කිට්ටු වෙනකොට හොඳටම වහින්න පටන් ගත්තා. එසේ මෙසේ වැස්සක් නෙමෙයි, ධාරානිපාත වැස්සක්. අපි වැස්සේම කොහොම හරි දඹාන ඉස්පිරිතාලෙට ඇවිල්ල දවල්ට කාල, රෝහලේ කාර්ය මණ්ඩලයත් එක්කම ඉදිරියට ගියා. ආදිවාසීන් කීප දෙනෙකුත් අපිත් එක්ක සම්බන්ධ උනා.
සායි සහ මහීල් අයියා |
ඉස්පිරිතාලේ පෝලිමේ... |
කැමී |
කැපවීම... |
අපි නවාතැන්පොළට එනකොට අපේ කණ්ඩායමට එකතු වෙන්න ආපු අලුත්ම සාමාජිකයෝ දෙන්න ඇවිල්ල හිටියා. ජාලිය අයියයි, හිරාන් අයියයි අපිට කලින් කොළඹදී මුණ ගැහිලා තිබුනට එයාල ගමනට සම්බන්ධ උනේ එදා තමයි. එයාල ඇවිල්ල තිබුන හිරාන් අයියගේ වෑන් එකේ පිටිපස්සේ දොර ඇරියම තමයි අපේ ඇස් උඩ ඉන්දවුනේ... වෑන් එක පිරෙන්න බඩු. කන බොන දේවල් ද, උයන පිහන ආම්පන්නද, නානාප්‍රකාර ආම්පන්න ද, හිතාගන්න බැරි බඩු ගොඩක්. හිරාන් අයිය ගෙදරම තිබ්බ බඩු ටික වෑන් එකට පටවාගෙන ඇවිල්ලද කොහෙද. ඒකෙ නැත්තේ මොනවද කියල හිතාගන්න බැරි උනා. එතන ඉඳල දවස් ටිකේ අපිට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ. මොනවා හරි දෙයක් ඕනේ වෙනකොට වෑන් එකේ බලන්න විතරයි තිබ්බේ.
එදා අපිට රෑ කෑම සපයල දුන්නේ පන්සලේ දායක සභාවෙන්. රාජ බෝජනේ වගේ තමයි ඉතින්. හොඳට කාල ජාලිය අයියයි හිරාන් අයියයි එක්ක කයියක් දාගෙන ඉඳල අපේ ගමනේ පස්වෙනි දවස නිමාකරා...
ජාලිය අයියා, හිරාන් අයියා සහ සායි... |
මතු සම්බන්ධයි...