A small building hidden among other buildings, forgotten and distanced from rest of the word barely suggests about the treasure within ; a series of well preserved, beautifully finished and unique Kandyan era paintings.
Inside the temple, on its right wall, is a series of paintings painted as stripes of about 20cm, with rare depictions of Prince Siddhartha's early life.
The events in the paintings are depicted with fine details and in a very dramatic manner.
Other than these painting there are other beautiful paintings all over the place as well. The paintings are believed to be the work of Ven. Herathgama Ratnapala Himi.
In 1976, the panels illustrating Prince Siddhartha's birth were used for a series of stamps issued to commemorate the 2600th anniversary of his birth.
Sadly, like all other ancient wonders of the country, Damawa temple also had no mercy in the hands of the treasure hunters
ලංකාවේ පුරාණ විහාරස්ථානයකින් හමුවන කුඩාම ප්‍රමාණයේ බිතුසිතුවම් රැගත් "දැඹව ටැම්පිට විහාරය". කිසිවෙකුගේ ඇස නොගැටී, අනෙකුත් ගොඩනැගිලි අතර සැඟව සැමට අමතකව ගිය ඉතා කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරය ඇතුළත මෙතරම් වටිනා උරුමයක් සැඟවී ඇතැයි දකින්නෙකුට නොසිතෙන තරම් ය.
විහාරයේ දකුණු පස බිත්තියෙහි සෙන්ටිමීටර් 20ක පමණ ප්‍රමාණයේ තීරු ලෙස සිතුවම් කර ඇති නුවර යුගයේ සිතුවම් සිදුහත් සිරිත ඉතා රමණීය ලෙස විදහා දක්වයි. සිදුහත් සිරිතේ සිද්ධීන් ඉතා විස්තරාත්මකව මෙන්ම ඉතා රසවත් ලෙස නාට්‍යානුරූපීව සිතුවම් කර තිබෙන ආකාරය ඉතා සිත්ගන්නාසුළු ලක්ෂණයක් විය.
මෙම සිතුවම් පෙළ හැරුණුකොට තවත් ඉතා අලංකාර සිතුවම් විහාරයෙහි අනෙකුත් බිත්ති, වහලය, උළුවස්ස සහ දොරෙහි සිතුවම් කොට ඇත. මෙම සිතුවම් පූජ්‍ය හේරත්ගම රත්නපාල නම් හිමිනමක විසින් අඳින ලද බව පිළිගැනීම ය.
තවද, වර්ෂ 1976 දී සිදුහත් උපතෙහි 2600 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිකුත් කෙරුණු මුද්දර කිහිපයකට මෙම විහාරයේ ඇති සිදුහත් උපත රැගත් සිතුවම් භාවිතා කර ඇත.
තනිකරම දැවයෙන් නිමවා පිටත බිත්ති මැටියෙන් සකසා ඇති බවක් දක්නට ලැබුණි. මෑතකදී සංරක්ෂණයට ලක් කර ඇති සිතුවම් ඉතා විශිෂ්ට තත්වයේ තිබුණි. රටේ අනෙකුත් පුරාවස්තු වලට මෙන්ම දැඹව ටැම්පිට විහාරයටද නිධන් හොරුන්ගෙන් ගැලවීමක් නම් නැති බවද දැනගැනීමට ලැබුණි.
විහාර කුටිය තුල පවතින දැඩි අඳුර නිසා ඡායාරූප ගැනීම ඉතා අපහසු කරුණක් විය. විවර ක්‍රන ලද දොරෙන් එන ආලෝකය එක් පසෙකින් පමණක් ලැබෙන නිසා ඡායාරූප වල ගුණාත්මක බව අඩු විය හැකි බව සලකන්න.
ඉතා අලංකාරවත්ව වර්ණ ගන්වා සිතුවම් කර ඇති දොර සහ උළුවස්ස Beautifully painted door |
සිදුහත් උපත (Birth of Prince Siddhartha) |
සිදුහත් - යශෝධරා විවාහ මංගල්‍යය විදහා දැක්වෙන සිතුවමක්. A painting illustrating the marriage festival of Prince Siddhartha and Princess Yasodhara |
තවත් විශේෂ සිතුවමක් - තුන් පෙර නිමිති.! |
Colors
|
The door handle |
How it looks from outside |
No comments:
Post a Comment