Sunday, April 19, 2020

Stone beds of Gerandigala (ගැරඬිගල ගල් ඇඳන් )

Stone beds carved on top Gerandigala rock also referred by the locals as "Gal Andan Gala" is yet another example of sheer brilliance and craftsmanship skills of ancient rock masons in Sri Lanka. 6 beds carved smoothly under a rock shelter in a way that anyone can fit in the same sized beds comfortably.

The beds are unimaginably smooth and comfortable. The rock shelter provides protection from the sun and the rain while the two open sides keep it ventilated and cool even when the sun is scorching outside.

The magnificent view expands from one side to the mountains of the central hills and over the plans of north central province on the other side.

Two inscriptions are found on one corner of the Gerandigala rock and one of them reads of an offering of lands to the temple and offering for the monks living in the caves prepared with stone beds by the King Kashyapa III, 732 - 738 AD.



පුරාණ ලාංකික ගල් වඩුවන්ගේ දක්ෂතාවය පෙන්වන තවත් එක ස්ථානයකි ගැරඬිගල ගල් ඇඳන්. ගම්වාසීන් විසින් 'ගල් ඇඳන් ගල' ලෙස හඳුන්වන මෙහි පිහිටි ගල මත ඉතාම සුමට ලෙස මෙම ගල් ඇඳන් 6කත අධික ප්‍රමාණයක් දක්නට ඇත. සියලුම ඇඳන් එකම ප්‍රමාණයෙන් නිමවා තිබුනද, ඕනෑම ශරීර ප්‍රමාණයක අයෙකුට ඉතා සුවපහසුවෙන් සැතපිය හැකිවන පරිදි නිමවා තිබීමම එම ශිල්පීන්ගේ දක්ෂතාවයට කදිම නිදසුනකි.

අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීමට ස්වභාවික ගල් පියස්සට අමතරව ගල් පියස්සේ කටාරම් මෙන්ම ගල් ඇඳන් වටා ගල මත කුඩා කාණු කොටා මෙහි සිටින්නන්හට කාලගුණයෙන් වෙන බාධා අවම කිරීමට කටයුතු කර ඇති බවක් දක්නට ලැබුණි.

දෙපසින්ම විවෘත ස්ථානයක් වන මෙහි නිරන්තරයෙන් හමන සුළං නිසා ඉතා සුවපහසු සෞම්‍ය තත්වයක් පවතී. අප මෙහි ගිය දින අවට පරිසරයේ දැඩි උෂ්ණත්වයක් පැවතියද ගල් ඇඳන් පිහිටි ස්ථානය ඉතාම සිසිල් බවකින් යුක්ත වූ බව අප අත්දැක්කෙමු. එක පසෙකින් මලය රට කඳු පන්තීන් දක්වාද අනෙක් පසින් කෙළවරක් නැති පිහිටි රට සරුසාර තැනිතලා ඔස්සේ දිවෙන දර්ශනය ඉතා මනරම්ය.

ගැරඬිගල එක සෙල්ලිපියක ක්‍රි.ව. 732-738 කාලයේ රජ කල 3 වන කාශ්‍යප රජු විසින් මෙම විහාරයේ සංඝයා වෙනුවෙන් කරන ලද ගම්වර පූජාවක් ගැන මෙන්ම ලෙන්වල වෙසෙන සංඝයා වෙනුවෙන් ගල් ඇඳන් පූජා කිරීමක් ගැන සටහන් වී ඇත.  



two of the ultra comfortable stone beds with the grand view towards the Hill Country.
What a place to gaze...
The view..!
 
another 2 beds with a private window


more beds

Enough shade and ample ventilation

Dambawa Tampita Viharaya (දැඹව ටැම්පිට විහාරය)

Dambawa Tampita Viharayais another classic Tampita Temple with some precious ancient Kandyan era paintngs.
A small building hidden among other buildings, forgotten and distanced from rest of the word barely suggests about the treasure within ; a series of well preserved, beautifully finished and unique Kandyan era paintings.
Inside the temple, on its right wall, is a series of paintings painted as stripes of about 20cm, with rare depictions of Prince Siddhartha's early life.
The events in the paintings are depicted with fine details and in a very dramatic manner.
Other than these painting there are other beautiful paintings all over the place as well. The paintings are believed to be the work of Ven. Herathgama Ratnapala Himi.
In 1976, the panels illustrating Prince Siddhartha's birth were used for a series of stamps issued to commemorate the 2600th anniversary of his birth.
Sadly, like all other ancient wonders of the country, Damawa temple also had no mercy in the hands of the treasure hunters


ලංකාවේ පුරාණ විහාරස්ථානයකින් හමුවන කුඩාම ප්‍රමාණයේ බිතුසිතුවම් රැගත් "දැඹව ටැම්පිට විහාරය". කිසිවෙකුගේ ඇස නොගැටී, අනෙකුත් ගොඩනැගිලි අතර සැඟව සැමට අමතකව ගිය ඉතා කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරය ඇතුළත මෙතරම් වටිනා උරුමයක් සැඟවී ඇතැයි දකින්නෙකුට නොසිතෙන තරම් ය.
විහාරයේ දකුණු පස බිත්තියෙහි සෙන්ටිමීටර් 20ක පමණ ප්‍රමාණයේ තීරු ලෙස සිතුවම් කර ඇති නුවර යුගයේ සිතුවම් සිදුහත් සිරිත ඉතා රමණීය ලෙස විදහා දක්වයි. සිදුහත් සිරිතේ සිද්ධීන් ඉතා විස්තරාත්මකව මෙන්ම ඉතා රසවත් ලෙස නාට්‍යානුරූපීව සිතුවම් කර තිබෙන ආකාරය ඉතා සිත්ගන්නාසුළු ලක්ෂණයක් විය.
මෙම සිතුවම් පෙළ හැරුණුකොට තවත් ඉතා අලංකාර සිතුවම් විහාරයෙහි අනෙකුත් බිත්ති, වහලය, උළුවස්ස සහ දොරෙහි සිතුවම් කොට ඇත. මෙම සිතුවම් පූජ්‍ය හේරත්ගම රත්නපාල නම් හිමිනමක විසින් අඳින ලද බව පිළිගැනීම ය.
තවද, වර්ෂ 1976 දී සිදුහත් උපතෙහි 2600 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිකුත් කෙරුණු මුද්දර කිහිපයකට මෙම විහාරයේ ඇති සිදුහත් උපත රැගත් සිතුවම් භාවිතා කර ඇත.
තනිකරම දැවයෙන් නිමවා පිටත බිත්ති මැටියෙන් සකසා ඇති බවක් දක්නට ලැබුණි. මෑතකදී සංරක්ෂණයට ලක් කර ඇති සිතුවම් ඉතා විශිෂ්ට තත්වයේ තිබුණි. රටේ අනෙකුත් පුරාවස්තු වලට මෙන්ම දැඹව ටැම්පිට විහාරයටද නිධන් හොරුන්ගෙන් ගැලවීමක් නම් නැති බවද දැනගැනීමට ලැබුණි.
විහාර කුටිය තුල පවතින දැඩි අඳුර නිසා ඡායාරූප ගැනීම ඉතා අපහසු කරුණක් විය. විවර ක්‍රන ලද දොරෙන් එන ආලෝකය එක් පසෙකින් පමණක් ලැබෙන නිසා ඡායාරූප වල ගුණාත්මක බව අඩු විය හැකි බව සලකන්න.  



ඉතා අලංකාරවත්ව වර්ණ ගන්වා සිතුවම් කර ඇති දොර සහ උළුවස්ස
Beautifully painted door



සිදුහත් උපත (Birth of Prince Siddhartha)


සිදුහත් - යශෝධරා විවාහ මංගල්‍යය විදහා දැක්වෙන සිතුවමක්.
A painting illustrating the marriage festival of Prince Siddhartha and Princess Yasodhara


තවත් විශේෂ සිතුවමක් - තුන් පෙර නිමිති.!

සුජාතාවගේ කිරිපිඬු දානය - ඉතා මනරම් ලෙස නාට්‍යානුරූපීව සිතුවම් කර ඇති මෙම සිතුවමෙහි සුජාතාව කිරි දොවා, කිරිපිඬු පිස, පූජා කරන සිද්ධීන් විදහා දැක්වෙයි. (Another beautifully depicted incident - The Offering of milk rice by Sujatha. Here the incident depicted so dramatically - Sujatha milks the cow, prepare milk rice and offer to Siddhartha Bodhisatwa)


මාර පරාජය - තවත් ඉතා නාට්‍යානුරූපීව සිතුවමට නගා ඇති අවස්තාවක්. සිදුහත් බෝසතාණන් ඉදිරියෙහි පරාජය වන මාරයා, තම ඇතු පිටින් බිමට වැටෙන සහ එම අවස්ථාවේ ඔහුගේ ඔටුන්න විසි වී යන ආකාරය විදහා දැක්වෙන ලෙස සිතුවමට නගා ඇත. තවද මාර දිවය පුත්‍රයා, මෙම සිතුවම් ඇඳි කාලයේ රටේ සතුරන් බවට පත්ව සිටි පෘතුගීසි/ලන්දේසි හමුදා අඳින ලද ඇඳුම් වලට සමාන ඇඳුමකින් සැරසී සිවීම තවත් රසවත් කරුණකි.


Colors
 
The door handle



How it looks from outside